free web stats

රටේ සියලු ප්‍රශ්න­ව­ලට මුල රජයේ කළ­ම­නා­ක­ර­ණ­යක් නොමැති කමයි

ආන­ය­නික භාණ්ඩ සඳහා පනවා ඇති සෙස් බද්ද එළැ­ඹෙන අප්‍රේල් 1 දා සිට ඉවත් කිරී­මට ගෙන ඇති තීර­ණය හේතු­වෙන් සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සිය­යට 90ක් කඩා වැටීමේ අව­දා­න­මක් උද්ග­තව ඇතැයි හිටපු අමාත්‍ය මහා­චාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඒ මහතා ඒ බව පැවසූවා.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්වම්න් පැවසූවේ,

“දරා­ගත නොහැකි ලෙස තෙල් මිල ඉහළ යෑම හේතු­වෙන් ජන ජීවි­තයේ සියලු ක්ෂේත්‍ර කඩා වැටෙ­මින් පව­ති­නවා. සිමෙන්ති රුපි­යල් 175කින් වැඩි වුණා. මේ විදි­යට ඉදි­කි­රීම් කර්මා­න්ත­යට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සිය­යට 15කින් පමණ ඉහළ ගිහින්. බොරු කියලා බල­යට පත්වුණු මේ රජය බලය රඳවා ගැනී­මට උත්සාහ කර­න්නෙත් බොරු­වෙන්. ජන­තාව විඳින අසා­මාන්‍ය දුකට, පීඩ­න­යට හේතුව යුද්ධය පම­ණක් බව රජය පෙන්වන්න උත්සාහ කළත්, ඊට එකම හේතුව යුද්ධය පම­ණක් නෙවෙයි. ජන­තාව විඳින පීඩා­වට හේතුව රජයේ නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් නොවී­මයි. ආස­න්න­තම සිද්ධිය ගල්අ­ඟුරු වංචා­වයි. නැව් 10කින් ගෙනාපු ගල්අ­ඟුරු ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු බව රජය පිළි­ග­න්නවා. ඒ පාඩුව පිරි­ම­හන්න දව­ස­කට ඩීසල් ලීටර් ලක්ෂ 8ක් යොදා ගන්නවා. එය කෙළින්ම විදුලි කප්පා­දු­ව­කට හේතු වෙනවා. ඒ වගේම තෙල් පිරි­ප­හ­දුව වසා දැමීමේ අව­දා­න­මක් තිබෙ­නවා. එහෙම වුණොත් විදුලි බලය විසන්ධි කරන්න වෙනවා. මේ සියලු ප්‍රශ්න­ව­ලට උල්පත රජයේ කළ­ම­නා­ක­ර­ණ­යක් නොවී­මයි.

ඒ වගේම අප්‍රේල් 1 දා සිට ආන­යන සඳහා පනවා ඇති සෙස් බද්ද ක්‍රම­ක්‍ර­ම­යෙන් ඉවත් කිරී­මට රජය සැල­සුම් කර තිබෙ­නවා. මෙය අති­වි­ශාල හානි­යක්. මෙය කළොත් මේ රටේ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සිය­යට 90ක් කඩා වැටෙ­නවා. එයින් වෙන හානිය කිසි­සේත් තක්සේරු කිරී­මට නොහැකි වීම මරු­ප­හ­රක්. මේ බද්ද පැන­වීමේ අර­මුණ වුණෙත් දේශීය කර්මාන්ත රැක­ගැ­නී­මයි. මේ බද්දෙන් වාර්ෂි­කව ඩොලර් මිලි­යන 400ක් උප­ය­නවා. 2026 සිට 2029 දක්වා ක්‍රම­ක්‍ර­ම­යෙන් ඉවත් කිරී­මට එකඟ වෙලා තිබෙන්නේ ණය වාරි­ක­යක් ලබා ගැනී­මට. ණය වාරි­ක­යක් වෙනු­වෙන් මේ තීර­ණය ක්‍රියා­ත්මක කරන්න එපා කියලා අපි ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා. අපේ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් ආරක්ෂා කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගැනී­මයි රජ­යක් වශ­යෙන් කළ යුතුව තිබෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *