free web stats

බ්‍රිතාන්‍ය අග­මැති යුක්රේ­න­යට

බ්‍රිතාන්‍ය අග­මැති ඇන්ඩි බර්න්හම් යුක්රේ­නයේ සංචා­ර­ය­කට එක්වූ බව වාර්තා වේ.

පසු­ගිය මාස­යේදී බ්‍රිතාන්‍ය අග­මැ­ති­ව­රයා ලෙස පත්වී­මෙන් පසු ඔහුගේ පළමු විදෙස් සංචා­රය මෙය වන අතර, යුක්රේ­න­යට දුර­දිගු මිස­යිල නිෂ්පා­ද­නය කිරිම සඳහා සහ­යෝ­ගය ලබා­දීම ඔහුගේ සංචා­රයේ මූලික අර­මුණ බව වාර්තා වේ.

රුසි­යා­වට එරෙ­හිව ප්‍රහාර එල්ල කිරි­මට හමු­දා­මය සහාය ලබා දෙමින් සිටින බ්‍රිතාන්‍ය අග­මැ­ති­ව­ර­යාගේ යුක්රේන සංචා­රය රුසි­යාවේ මෙන්ම සෙසු රට­ව­ලත් දැඩි අව­ධා­න­යට ලක්වී තිබේ.

සිය සංචා­රය අත­ර­තු­රදී ඔහු යුක්රේ­නයේ නිද­හස් සැම­රුම් උත්ස­ව­යට එක්වී­මට නිය­මිත අතර, බ්‍රිතාන්‍ය ජන­තාව යුක්රේ­නය වෙනු­වෙන් දක්වන සහ­යෝ­ගය අග­ය­මින් ඔහුට සම්මා­න­යක් පිරි­නැ­මී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේ­න­යට පැමිණි බ්‍රිතාන්‍ය අග­මැ­ති­ව­රයා කීෆ් අග­නු­වර ජාතික හමුදා අනු­ස්ම­රණ සුසාන භූමියේ පැවති උත්ස­ව­ය­කදී මිය­ගිය යුක්රේන සෙබ­ළුන්ගේ සොහොන් මත පුෂ්පෝ­ප­හාර දැක්වූ බව වාර්තා වේ.

රුසි­යා­වට එරෙහි යුද්ධ­යේදී යුක්රේ­න­යට පූර්ණ සහ­යෝ­ගය පළ කරන බව ප්‍රකාශ කර ඇති ඇන්ඩි බර්න්හම් හිටපු අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ පාලන සම­යේදී බ්‍රිතා­න්‍යය හා ප්‍රංශය එක්ව පිහි­ටු­වන ලද යුක්රේන පාර්ශ්ව සන්ධා­නයේ පළමු රැස්වී­මේදී මුල­සුන දැරී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *