free web stats

රටේ ජාතික ආර­ක්ෂාව දුර්වල වෙලා

බ්‍රික්ස් සමු­ළු­වට ආරා­ධනා කළ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­රයා ඒ සඳහා සම්බන්ධ වූයේ නම්, මීට පෙර රුසි­යා­වෙන් ශ්‍රී ලංකා­වට ඉන්ධන ලබා­ගැ­නී­මට තිබූ බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක හා පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාට බ්‍රික්ස් සමු­ළු­වට සහ­භාගි වීමට අව­ස්ථාව තිබූ බව පෙන්වා­දෙන ඒ මහතා ඒ අව­ස්ථාවේ එය මඟ­හැරි බවද එක් එක් කාල­සී­මා­ව­න්ව­ලදී කළ යුතු දේවල් කළ යුතු බවද පෙන්වා දෙනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්ත­ර­මුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවැති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු සප­ය­මිනි.

රජය විප­ක්ෂය මර්ද­නය කර­මින් සිටින බවත්, බුද්ධි අංශ ප්‍රධා­නීන් සිර­ගත කිරීම හරහා රටේ ජාතික ආර­ක්ෂාව දුර්වල කර ඇති බවත් නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කළා.

මෑත­කදී සිදුවූ සබ්මැ­රීන් ප්‍රහා­රය වැනි සිදු­වීම් සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා සහ තානා­ප­ති­ව­රුන් පර­ස්පර ප්‍රකාශ නිකුත් කිරී­මෙන් රජයේ තොර­තුරු ගවේ­ෂ­ණයේ දුර්ව­ලතා හෙළි වන බවද සඳ­හන් කළා. එමෙන්ම, බ්‍රික්ස් (BRICS) සමු­ළුව වැනි ජාත්‍ය­න්තර අවස්ථා මඟ­හැ­රීම හරහා රුසි­යාව වැනි රට­ව­ලින් සහන මිලට තෙල් ලබා­ගැ­නී­මට තිබූ අවස්ථා රජය අහිමි කර­ගෙන ඇති බවට ද චෝදනා කළා.

ඕනෑම මැති­ව­ර­ණ­ය­කට මුහු­ණ­දී­මට තම පක්ෂය සූදා­නම් බවත්, ඉදිරි මැති­ව­ර­ණ­ය­කදී සහෝ­දර පක්ෂ සමඟ එක්ව තීන්දු ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මීට අම­ත­රව, USAID ආය­ත­නයේ මුදල් විය­දම් වූ ආකා­රය පිළි­බ­ඳව සොයා බැලී­මට පාර්ලි­මේන්තු කමි­ටු­වක් ඉල්ලා ඇත.

ඉදිරි රජ­යක් යටතේ ඒ පිළි­බඳ ජනා­ධි­පති කොමි­ස­මක් පත්කර විම­ර්ශ­නය කරන බවද අව­ධා­ර­ණය කළා.

රජය ස්වාධීන ආය­තන සහ පොලී­සිය තම දේශ­පා­ලන ව්‍යාපෘති සඳහා පාවිච්චි කර­මින් සිටින බවත්, ජන­තාව රජයේ නොහැ­කි­යාව මේ වන විට තේරු­ම්ගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *