free web stats

අදත් රෝහල්වල GMOA වැඩවර්ජනය ක්‍රියාත්මකයි

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙනවා.

අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පලකරමින් දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන්ම විරෝධය පල කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වුණා.

කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ ද සංකේත වැඩවර්ජනයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

මෙම වැඩවර්ජන කාලසීමාව තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *