free web stats

අභියෝග ජයගෙන ආණ්ඩුව ශක්තිමත්ව නැඟී සිටියා

පසුගිය මාස 14ක කාලය තුළ මෙතෙක් බලයේ සිටි ආණ්ඩු මුහුණ නොදුන් ආකාරයේ අභියෝග ගණනාවකට මුහුණදීමට වත්මන් ආණ්ඩුවට සිදුවූ බවත් එම අභියෝග ජයගෙන යළි පෙරටත් වඩා ශක්තිමත්ව නැඟී සිටීමට හැකි වූයේ බෞද්ධ දර්ශනය තුළින් ලැබුණු පිටුබලය නිසා බවත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

පන්සිල් රකින බව පෙන්වමින් මහා සංඝරත්නය ඉදිරියේ බොරුවට වැඳ වැටෙන පුද්ගලයින් ආණ්ඩුව තුළ නොමැති බවද ඒ මහතා පැවසූවා.

ජාතික පුනරුදයට පෙරමග කියන ජාතික භික්ෂු පෙරමුණේ යටිනුවර ප්‍රාදේශීය සංඝ සභාව පිහිටුවීම නිමිත්තෙන් පිළිමතලාව සීතා උත්සව ශාලාවේදී පැවති උත්සවයේදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙම අදහස් දැක්වීම සිදුකලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *