free web stats

පිල්ලෙයාන්ට ලබුණු නියෝගය

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා.

දින 359කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයේ සිටි සැකකරු අද පස්වරුවේ මුල්වරට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *