ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එන පුහුණුකරුවෝ දෙන්නා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව අනෙක් කණ්ඩායම් ශක්තිමත් කිරීමේ අරමුණින් නව පුහුණුකරුවන් දෙදෙනකු පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රයන් වෑන් නීකර්ක් සහ ජාතික දඟ පන්දු සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජෝර්ඩන් ග්‍රෙගරි පත් කර ඇත.
රයන් වෑන් නීකර්ක් 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් අන්තර් ප්‍රධාන පුහුණුකරුවා ලෙසත් සේවය කර ඇති අතර, ඔහුට මෙරටදී ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලු ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීම සංවර්ධනය කිරීමේ වගකීම භාරවේ.
දඟ පන්දු සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති ජෝර්ඩන් ග්‍රෙගරි නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ උපදේශකවරයකු ලෙස සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය යටතේ සියලු ජාතික කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මේ දෙදෙනාගේම පත්කිරීම ලබන 15 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇත.

