free web stats

බදාදා දින නිවාඩුව අවලංගු කෙරේ

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම ඒ මහතා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙ‍ෙ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *