ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර මාලවක්
ඊශ්‍රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව ඊයේ (8) එරටට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි.
එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.
ලෙබනනයේ අගනුවර වන බේරූට් ඇතුළු ප්‍රදේශ කිහිපයකටම මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයත් සමග කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
ලෙබනනයට එල්ලකළ මෙම ඊශ්‍රායල ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

