හිටපු ජනපති මහින්ද වත්කම් බැරකම් ප්රකාශ භාරදෙයි
වත්කම්, වියදම් හා ආදායම් ලැබීමේ ප්රභවයන් පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිවුරුම් ප්රකාශය ඊයේ දින අල්ලස් කොමිසම වෙත ලැබුණු බව එම කොමිසම තහවුරු කළා.
වත්කම්, වියදම් හා ආදායම් ලැබීමේ ප්රභවයන් පිළිබඳ දින 14 ක් ඇතුළත දිවුරුම් ප්රකාශයක් ලබා දෙන්නැයි අල්ලස් කොමිසම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියකින් දැනුම් දී තිබුණේ, පසුගිය 23 වැනිදා දිනයි.

