free web stats

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘X’ සටහනක් තබමින් පවසන්නේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්ත ද එය ප්‍රමාද වැඩි බවයි.

ගල්අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇති බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බවත් එමගින් සඳහන් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ, කුමාර ජයකොඩි මහතාට
අතීත දූෂණ චෝදනා තිබියදීත්, මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත්කිරීමේ වගකීම ජනපති භාරගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *