free web stats

ඇමරිකාවෙන් ඉරාන වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක්

හමුදා නියෝගවලට අවනත නොවූ ඉරානයේ ටූස්කා (TOUSKA) භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇමරිකානු ම’රීන් සෙබළුන් ග්‍රහණයට ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඇමරිකානු හමුදා ඕමාන බොක්කේ යාත්‍රා කෙරුණු අදාල ඉරාන නෞකාවට වහාම නවත්වන්නැයි සිදුකළ අනතුරු ඇඟවීම් එහි කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව ඇමරිකාවේ ඩිස්ට්‍රෝයර් වර්ගයේ USS SPRUANCE නෞකාව, ඉරාන නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාර එල්ල කළ බවත් අදාල පණිවුඩයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *