free web stats

අදින් ඇරඹෙන දෙවන පාසල්වාරය

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබා දී තිබුණා.

ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

මේ අතර 2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබුණු සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත ප්‍රමාණය වන රෙදි මීටර් මිලියන 11.484ක් ප්‍රදානයක් ලෙස මහජන චීන සමූහාණ්ඩුව විසින් ලබා දෙන ලදී.

සිසුන් 4,418,404 ක් සඳහා මේ වන විට සියලුම නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *