free web stats

දිවයිනට පැමිණි නවසීලන්ත රගර් කණ්ඩායම

කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර පංතියේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඊයේ (20) රාත්‍රියේ ශ්‍රී ලංකාව‌ට පැමිණියා.

නිලධාරීන් සහ ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතවේ.

ඔවුන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළවෙත පැමිණ තිබුණා.

නවසීලන්ත රගර් කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග 25 වැනිදා කොළඹ තුරග තරග පිටියේ දී සහ එළඹෙන මැයි මස 03 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග 02කට සහභාගී වීමට නියමිතයි.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රගර් සම්මේලනයේ නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *