ආගම, සංස්කෘතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමන්න එපා
භික්ෂුන් වහන්සේලා සහ බුද්ධ ශාසනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (28) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව සිය දැඩි අවධානය යොමු කළ ඒ මහතා, වැරැද්දක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යාංශයේ පරීක්ෂණ සිදුකරන අයුරින් රහසිගතව කළ යුතු බව අවධාරණය කළා.
සුළු පිරිසකගේ සිද්ධීන් උලුප්පා දක්වමින් සමස්ත භික්ෂුන් වහන්සේ සහ ශාසනය අපකීර්තියට පත් කිරීමට කිසියම් හස්තයක් ක්‍රියාත්මක වෙනවාදැයි ඒ මහතා චෝදනා කළා.
මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට එල්ල වූ හැකර් ප්‍රහාරය සංවේදී කරුණක් ලෙස සලකා රහසිගතව තබා ගත්තේ නම්, ඊට වඩා සංවේදී වූ රටේ ආගම සහ සංස්කෘතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ නොදමන ලෙස ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියා.

