free web stats

ආගම, සංස්කෘ­තිය කෙරෙහි ඇති විශ්වා­සය බිඳ දමන්න එපා

භික්ෂුන් වහ­න්සේලා සහ බුද්ධ ශාස­නය ඉලක්ක කර ගනි­මින් සිදු­ක­රන ඇතැම් ක්‍රියා­මාර්ග හේතු­වෙන් රටේ ආග­මික සහ සංස්කෘ­තික අන­න්‍ය­තා­වට දැඩි බල­පෑ­මක් එල්ල වෙමින් පව­තින බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ මහතා පව­සනවා

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පක්ෂ මූල­ස්ථා­න­යේදී පෙරේදා (28) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් භික්ෂුන් වහ­න්සේලා අත්අ­ඩං­ගු­වට ගැනී­මේදී අනු­ග­ම­නය කරන ක්‍රියා­පි­ළි­වෙත පිළි­බ­ඳව සිය දැඩි අව­ධා­නය යොමු කළ ඒ මහතා, වැරැ­ද්දක් සිදු වී ඇත්නම් ඒ පිළි­බ­ඳව මහ බැංකුවේ හෝ මුදල් අමා­ත්‍යාං­ශයේ පරී­ක්ෂණ සිදු­ක­රන අයු­රින් රහ­සි­ග­තව කළ යුතු බව අව­ධා­ර­ණය කළා.

සුළු පිරි­ස­කගේ සිද්ධීන් උලුප්පා දක්ව­මින් සමස්ත භික්ෂුන් වහන්සේ සහ ශාස­නය අප­කී­ර්ති­යට පත් කිරී­මට කිසි­යම් හස්ත­යක් ක්‍රියා­ත්මක වෙන­වා­දැයි ඒ මහතා චෝදනා කළා.

මුදල් අමා­ත්‍යාං­ශයේ දත්ත පද්ධ­ති­යට එල්ල වූ හැකර් ප්‍රහා­රය සංවේදී කරු­ණක් ලෙස සලකා රහ­සි­ග­තව තබා ගත්තේ නම්, ඊට වඩා සංවේදී වූ රටේ ආගම සහ සංස්කෘ­තිය කෙරෙහි ඇති විශ්වා­සය බිඳ නොද­මන ලෙස ඒ මහතා රජ­යෙන් ඉල්ලා සිටි­යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *