වෙසක් දන්සැල් ලියාපදිංචිය හෙට්න් ඇරඹේ
වෙසක් පොහොය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය හෙට (04) දින සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව දිවයින පුරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරනවා.
දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලේකම්වරයා ඉල්ලා සිටිනවා.

