free web stats

පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචිය අනිවාර්යයි

මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බවයි.

පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යංශයේ විෂය පථයත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *