free web stats

මැතිවරණ නීති සමාලෝචනයට විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම, අදාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, පවතින නීතිමය රාමුව වඩාත් විනිවිඳභාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම් වේ.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතා පත් කර ඇත.

එහි සෙසු සාමාජිකයින් ලෙස, ආචාර්ය උපාලි පන්නිලගේ, මුනිර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, රවී කරුණානායක, ජේ. සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ශන්මුගම්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ මයිල්වාගනම් තිගුදීස්වරන් චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *