free web stats

කොළඹ වරායට ආසන්න මුහුදේ නාඳුනන මළසිරුරක්

කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක් ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

ඔහු උස අඩි 05 අඟල් 06ක් පමණ වන කොණ්ඩය කොටට කපා රැවුල වවා ඇති පුද්ගලයෙකු වන අතර කළු පැහැති කොට කලිසමක් සහ දුඹුරු පැහැති කමිසයක් හැඳ සිටි බවද සඳහන්වේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *