කුසල් මෙන්ඩිස්ට හිම්වන නායකත්වය
බටහිර ඉන්දීය කොදෙව් සමඟ ලබන මස 3 වැනිදා ආරම්භවන එක්දින සහ විස්සයි20 තරගාවලියේදී ශ්රී ලංකා පිලේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව සූදානම් වෙනවා.
ඒ අනුව මෙතෙක් එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක හා විස්සයි20 නායකත්වය දැරූ දසුන් ශානක එම තනතුරෙන් ඉවත්වන අතර, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් ධනංජය ද සිල්වා වෙත පැවරීමට තේරීම් කමිටුවේ අපේක්ෂාව කර තිබෙනවා.

