free web stats

සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ

ඉන්දීය ජාතික කොංග්‍ර­සයේ නායිකා සෝනියා ගාන්ධි රෝහ­ල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

79 හැවි­රිදි කොංග්‍රස් නායි­කාව වෛද්‍ය පරී­ක්ෂණ කිහි­ප­යක් සඳහා ගුරු­ග්‍රාම් පෞද්ග­ලික රෝහ­ලට ඇතු­ළත් කළ බව කොංග්‍රස් පක්ෂයේ නිවේ­ද­න­යක සඳ­හන් කර තිබේ.

එරට එන්ඩී­ටීවී පුවත් සේවය සඳ­හන් කරන්නේ, සුළු සැත්ක­මක් සඳහා සෝනියා ගාන්ධි රෝහ­ල්ගත කර ඇති බවයි.

ඊයේ පස්ව­රුව වන විටත් ඇය වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලට භාජ­න වෙමින් සිටි බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඇය මේ වස­රේදී රෝහ­ල්ගත කළ තුන්වැනි අව­ස්ථාව මෙය බව ද වාර්තා වේ.

මීට පෙර පසු­ගිය ජන­වා­රි­යේදී නව­දිල්ලි නුවර අධික ශීත කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් ස්වසන අප­හ­සුතා මත රෝහ­ල්ගත කළ සෝනියා ගාන්ධි දින කිහි­ප­යක් ප්‍රති­කාර ගෙන තිබූ අතර, පසු­ගිය මාර්තු මාස­යේදී අධික උණ තත්ත්ව­යක් හේතු­වෙන් නව­දිල්ලි නුවර ගංගා රාඕ රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර, එහිදී ශරි­රය පුරා ආසා­ද­න­යක් හට­ගෙන ඇතැයි තහ­වුරු වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *