ආපදා මරණ ගණන 02ක් දක්වා ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.
මේ අතර පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බවත්, ඉන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

