free web stats

වෙළෙඳපොළ විශ්වාසය තහවුරු නොකළොත් කඩා වැටීම ස්ථිරයි

වෙ‍ෙළඳපොළ විශ්වාසය ජයග්‍රහණය කිරීමට වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ක්‍රියාවට නොනැංවුවහොත් වෙ‍ෙළඳපොළ කඩා වැටීම නැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසුවේ,

“වෙ‍ෙළඳපොළේ විශ්වාසය කඩා වැටුණොත් ආර්ථිකය කඩා වැටෙනවා. ඩොලරය තවත් ඉහළට ගියොත් ආර්ථිකය කඩා වැටෙනවා. වෙ‍ෙළඳපොළ දේශපාලනික වන්නේ නැහැ. අද එක රේට් එකක්වත් මාර්කට් එකේ නැහැ. මාර්කට් එකේ තිබෙන්නේ මහ බැංකුවේ ඒවා විතරයි. එහෙම වෙන්න බැහැ. වෙ‍ෙළඳපොළ විශ්වාසය දිනා ගත හැකි ක්‍රමවේද තිබෙනවා. ඒවා ක්‍රියාවට නංවන්න. ජනතාවගෙන් ගහන්න තිබෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. වෙ‍ෙළඳපොළ දැනුම භාවිත කර විශ්වාසය දිනන්න. ජනාධිපතිවරයා දේශපාලනය කරයි. මුදල් අමාත්‍යාංශය වෙ‍ෙළඳපොළ විශ්වාසය දිනන්න කටයුතු කරන්න. රට වැටෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එය වෙ‍ෙළඳපොළට මදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *