free web stats

රත්නපුර උදාකලගම නායයෑම නැවත සක්‍රීය වෙයි

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ලැල්ල ග්‍රාම නිලධාරි වසමේ උදාකලගම ප්‍රදේශයේ නායයෑමක් නැවත සක්‍රීය වීමක් වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් පවුල් 12ක් අදාළ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යාලය පැවසූවා.

2025 වර්ෂයේදී මෙම නායයෑම් මුල්වරට හඳුනා ගෙන ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයින් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් පසු මෙම ස්ථානය නායයෑම් අධි අවදානම් ස්ථානයක් ලෙස හඳුනාගන්නා ලදි.

ඒ අනුව ඊයේ (22) උදෑසන 6:30ට පමණ නායයෑම නැවත සක්‍රීය වීමත් සමඟ, එම ස්ථානයට යාබදව පදිංචිව සිටි පවුල් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *