සා.පෙළ ප්‍රතිඵල ජූනි මැද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 – 2026 විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද භාගයේදී නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා.
විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් කටයුතු මේ දිනයන්හි සිදු කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 – 2026 විභාගය රට පුරා මධ්‍යස්ථාන 3545කදී පෙබරවාරි මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ලෙස සමස්ත අයදුම්කරුවන් 451,463ක් ඉදිරිපත් වූ බව ද ඒ මහත්මි වැඩ් දුරටත් ප්‍රකාශ කළා.

