free web stats

මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළට

මෙනින්ජයිටීස් රෝගීන් 203 දෙනෙකු මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, රෝගය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *