free web stats

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති බවද සඳහන් වේ.

ලේකම් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බව ආරංචි මාර්ග පවසනවා.

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදී තිබුණා.

ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන් වේ.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ හි හිටපු උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *