free web stats

තරුෂි ශ්‍රී ලංකාව රනින් සරසයි

ආසියානු අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට තරුෂි අභිෂේකා සමත් වූවා.

ඊයේ හොංකොංහි කයි ටැක් යොවුන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙවර තරගාවලියට මීටර් 1500 කාන්තා ඉසව්වෙන් එක් වූ 18 හැවිරිදි පොඩි තරුෂි හෙවත් තරුෂි අභිෂේකා මිනිත්තු 4යි තත්පර 31යි දශම 41කින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා.

ආසියානු අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව මීටර් 1500 ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම මෙය වන අතර, තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමි වූ 10 වැනි රන් පදක්කම මෙය වේ.

ඉරාන ක්‍රීඩිකා මරයම් අහමදි මි. 4:33.35කින් රිදී පදක්කම දිනාගත් අතර, ලෝකඩ පදක්කම මි. 4:35.42කින් කොරියානු ක්‍රීඩිකා සොන්ග් ඩවෝන් සතු වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *