free web stats

සිරකරුවන් 33කට වෙසක් වෙනුවෙන් ජනාධිපති සමාව

අද (30) දිනට යෙදෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති අතර ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු අද දිනයේ නිදහස් වීමට නියමිතව ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *