LPL ක්‍රිකට් තරු මිලදී ගන්නා තීරණාත්මක දිනය අද
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගන්නා තීරණාත්මක හමුව අද (1) පස්වරු 1.30ට කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වෙනවා.
මේ ක්‍රීඩක කෙටුම්පත සඳහා ක්‍රීඩකයන් 421ක් ඇතුළත්ව සිටින අතර, එයින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 179ක් සහ විදේශීය ක්‍රීඩකයන් 242ක් සුදුසුකම් ලබා සිටිනවා.
ක්‍රීඩකයන්ගේ ප්‍රබලත්වය අනුව ප්ලැටිනම්, රන්, ක්ලැසික් හා නැඟී එන තරු ලෙස කාණ්ඩ කිහිපයකට වර්ග කර තිබේ.
අද පැවැත්වෙන ක්‍රීඩකයන් තෝරා ගන්නා තීරණාත්මක හමුව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සියලු ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හිමිකරුවන්, කළමනාකරුවන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් එම අවස්ථාවට එක් වීමට නියමිතයි.

