free web stats

අද මේගො­ල්ලන්ගේ නොහැ­කි­යා­වයි මේ පෙන්වන්නේ

කොළඹ, මල් පාරේ එක්සත් ජාතික පක්ෂ දේශ­පා­ලන කාර්යා­ලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා,

රනිල් වික්‍ර­ම­සිංහ එදා මුහු­ණ­පෑවේ සක­ල­විධ අර්බු­ද­ය­කට. එවැනි අර්බු­ද­යක් අතට අර­ගෙන, අවු­රුදු දෙකක් තුළ සියලු ආර්ථික දර්ශක දියුණු කරන්න පුළු­වන් වුණා. එදා තිබුණේ ලංකාව විසාලා මහ­නු­වර වගේ. මේ රටේ කිසි දෙයක් නැහැ. මිනිස්සු හිටියේ කිලෝ­මී­ටර් හතර පහ පෝලි­ම්වල. වාහන තිබුණේ, මෝටර් සයි­කල් තිබුණේ, මිනිස්සු හිටියේ. එත­කොට එවැනි අරා­ජික තත්ත්ව­යක් රටේ ඇති­වෙලා. භාණ්ඩා­ගා­රයේ මුදල් ප්‍රමා­ණය, විදේශ මුදල් ඩොලර් මිලි­යන 20ට කඩා­ගෙන වැටිලා. මුකුත් නැහැ, සල්ලිත් නැහැ. බඩු ගේන්න සල්ලිත් නැහැ. කන්න දෙන්න සල්ලිත් නැහැ, මොන­වත් නැති රටේ කොහො­මද එදා මේකට මුහුණ දුන්නේ?

රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්මයා රට භාර­ගන්න අව­ස්ථාවේ ආර්ථික වර්ධ­නය (ඍණ)-17.2 කට වැටිලා තිබුණා. ඒ කියන්නේ ආර්ථික වර්ධ­න­යක් නෙවෙයි, ආර්ථි­කය කඩා­ගෙන වැටෙ­නවා -17.2% ක වේග­ය­කින්. 2024 වෙන­කොට මේක (ඍණ) අගය (ධන)+5.3 ක ආර්ථික වර්ධන වේග­ය­කින්, ඒ කියන්නේ ආර්ථි­කය 22.5% කින් දියුණු කළා. අද මේගො­ල්ලන්ගේ නොහැ­කි­යා­වයි මේ පෙන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *