අද මේගොල්ලන්ගේ නොහැකියාවයි මේ පෙන්වන්නේ
කොළඹ, මල් පාරේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
රනිල් වික්‍රමසිංහ එදා මුහුණපෑවේ සකලවිධ අර්බුදයකට. එවැනි අර්බුදයක් අතට අරගෙන, අවුරුදු දෙකක් තුළ සියලු ආර්ථික දර්ශක දියුණු කරන්න පුළුවන් වුණා. එදා තිබුණේ ලංකාව විසාලා මහනුවර වගේ. මේ රටේ කිසි දෙයක් නැහැ. මිනිස්සු හිටියේ කිලෝමීටර් හතර පහ පෝලිම්වල. වාහන තිබුණේ, මෝටර් සයිකල් තිබුණේ, මිනිස්සු හිටියේ. එතකොට එවැනි අරාජික තත්ත්වයක් රටේ ඇතිවෙලා. භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණය, විදේශ මුදල් ඩොලර් මිලියන 20ට කඩාගෙන වැටිලා. මුකුත් නැහැ, සල්ලිත් නැහැ. බඩු ගේන්න සල්ලිත් නැහැ. කන්න දෙන්න සල්ලිත් නැහැ, මොනවත් නැති රටේ කොහොමද එදා මේකට මුහුණ දුන්නේ?
රනිල් වික්‍රමසිංහ මහත්මයා රට භාරගන්න අවස්ථාවේ ආර්ථික වර්ධනය (ඍණ)-17.2 කට වැටිලා තිබුණා. ඒ කියන්නේ ආර්ථික වර්ධනයක් නෙවෙයි, ආර්ථිකය කඩාගෙන වැටෙනවා -17.2% ක වේගයකින්. 2024 වෙනකොට මේක (ඍණ) අගය (ධන)+5.3 ක ආර්ථික වර්ධන වේගයකින්, ඒ කියන්නේ ආර්ථිකය 22.5% කින් දියුණු කළා. අද මේගොල්ලන්ගේ නොහැකියාවයි මේ පෙන්වන්නේ.

