free web stats

මමයි සජි­තුයි හැප්පෙ­නවා

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධ­යක් නැහැ. අපි දෙන්නා හම්බ­න්තොට අවු­රුදු ගාණක් එකට දේශ­පා­ල­නය කළා. එයා ඒ පක්ෂයේ, මම මේ පක්ෂයේ. ඒ හැම පාර­කම මම හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය ජය­ග්‍ර­හ­ණය කළා. එතුමා දැන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට ඇවිත් ඉන්නවා. ඔහුගේ තාත්තයි මගේ තාත්තයි හැප්පුනා. මමයි සජි­තුයි හැප්පෙ­නවා” යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පව­සනවා.

මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් නාමල් රාජ­පක්ෂ මහතා මෙසේද පැව­සු­වා.

“පිල්ලෙ­යාන්ගේ කට­උ­ත්ත­රය ගන්න ගිය මහ­ත්තයා ඇයි වරෙ­න්තු­ක­රු­වෙ­කු­ගෙන් ප්‍රකා­ශ­යක් අරන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගත්තේ නැත්තේ කියන ප්‍රශ්නය මට අහන්න තියෙ­නවා.

ඒ ප්‍රශ්නය අහන්න මට කට­උ­ත්ත­ර­යක් ගන්න එන්න කිය­න­කල් මම මේ බලා­ගෙන ඉන්නේ. වරෙන්තු මත සිටින අයෙක් තානා­පති කාර්යා­ල­ය­කට ගෙනල්ලා ඔහු අත්අ­ඩං­ගු­වට නොගෙන කට­උ­ත්ත­ර­යක් ලියා ගත්තේ කොහො­මද කියන ප්‍රශ්නය අපිට තියෙ­නවා. පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් බුද්ධි අංශ වාර්තා ආව වෙලාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට හෝ ආර­ක්ෂක මණ්ඩ­ල­යට ඒ බව දැනුම් නොදී ඇයි ෆයිල් එක හංග­ගෙන හිටියේ කියන ප්‍රශ්න­යත් මට අහන්න තියෙ­නවා.

ජන­තා­වට දුන්න පොරොන්දු ඉටු­කර ගැනී­මට නොහැ­කිව ආණ්ඩුව අද ජන­තාව මත අසී­මිත ආර්ථික පීඩ­න­යක් පට­ව­මින් සිටි­නවා. ජීවන විය­දම දිනෙන් දින ඉහළ යනවා. විදුලි බිල, ඉන්ධන මිල, ජල බිල සම්බ­න්ධව අද විශාල කති­කා­වක් ජන­තාව අතර ගොඩ­නැඟී තිබෙ­නවා. මෙවැනි කාල සීමා­ව­කදී ආණ්ඩුව ජන­තා­වගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා දීමට කට­යුතු කර­නවා වෙනු­වට පැහැ­දි­ලි­වම තමන්ගේ දේශ­පා­ලන න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කර­මින් මේ ආත්ම­යට වෙන කෙනෙ­කුට ආණ්ඩුව නොදෙන බවට අභි­යෝග කර­නවා.

ආණ්ඩුව මේ අභි­යෝ­ගය කරන්නේ අපිට නෙවෙයි ජන­තා­ව­ටයි. වැඩ කරලා, ජීවන විය­දම් අඩු කරලා, රැකියා උත්පා­ද­නය කරලා, ආයෝ­ජ­කයෝ ගෙනල්ලා, සම්බුද්ධ ශාස­න­යත් බුද්ධ ධර්ම­යත් ආරක්ෂා කරලා ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කර­නවා නම් ඒක යම්කිසි ආකා­ර­ය­කට සාධා­ර­ණයි කියලා හිතන්න පුළු­වන්. ඒ මොකුත් නොකර ජන­තාව මත දිනෙන් දින පීඩ­නය පට­වලා ඒ පීඩ­න­යට විරු­ද්ධව ජන­තාව කතා කරද්දී ආණ්ඩුව බල­හ­ත්කා­ර­යෙන් හරි අපි බලයේ ඉන්නවා කියන්නේ පුර­වැ­සි­යන්ට තර්ජ­නය කිරී­මක්.

අද මේ ආණ්ඩුව රුපි­යල් ට්‍රිලි­ය­න­යක් ගිණුමේ තියා­ගෙ­නත් ජන­තාව මත පීඩ­නය පට­ව­නවා. කොවිඩ් වසං­ග­ත­යත් එක්ක එදා මුළු ලෝක­යම වැසී තිබුණා. සංචා­ර­කයෝ රටට ආවේ නැහැ. කර්මාන්ත වැහුණා. එසේ තිබි­යදී කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­කයා ආරක්ෂා කර­මින්, ගොවි ජන­තාව ආරක්ෂා කර­මින් ආණ්ඩුව කට­යුතු කළා.

කන්න දෙක­කට පොහොර නිකන් දුන්නා. අද මැද­පෙ­ර­දිග යුද්ධ­යක් නිසා ගොවි ජන­තා­වට සාධා­රණ මිල­කට පොහොර ලැබෙන්නේ නැහැ. එදා කොවිඩ් අව­ස්ථාවේ තරම් සංචා­රක කර්මා­න්ත­යට රට වැහිලා නැහැ. යම් පසු­බෑ­මක් තියෙන බව අපි පිළි­ග­න්නවා. කර්මා­න්ත­ශාලා වැහිලා නැහැ. එසේ තිබි­ය­දීත් ලෝකයේ වැඩිම ලංසුව දීලා තෙල් මිලට ගන්න තැනට ආණ්ඩුව පත්වෙලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *