free web stats

කුට්ටි­ආ­රච්චි වැනි පිරිස් එක්ක නාමල්ට ජනා­ධි­පති වෙන්න කව­දා­වත් බැහැ

ඡායා කැබි­න­ට්ටුවේ ඇමැ­ති­වරු සොයා දෙන දත්ත තොර­තුරු රටට හෙළි කිරී­මට සමඟි ජන බල­වේ­ගයේ දූෂණ විරෝධි බල­වේ­ගය කට­යුතු කරන බව එහි කැඳ­වු­ම්කරු නිරෝ­ෂන් පාදුක්ක මහතා පැවසූවා.

ඒ මහතා මේ බව පැව­සුවේ, සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ පෙරේදා (2) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින්. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසූවා.

සමගි ජන බල­වේ­ගය තුළ ඡායා කැබි­න­ට්ටු­වක් ක්‍රියා­ත්මක වෙනවා. එම ඡායා කැබි­න­ට්ටුව හරහා ආණ්ඩුවේ වංචා, දූෂණ, හොර­කම් හෙළි කර ගැනී­මට හැකි­යාව ලැබී තිබෙ­නවා. සමගි ජන බල­වේ­ගයේ ඡායා කැබි­න­ට්ටුවේ පිරිස බහ­ලුම් වංචාව, මහා භාණ්ඩා­ගා­රයේ වංචාව, ගල් අඟුරු වංචාව, වාහන ගෙන්වී­මේදී සිදු කළ වංචාව ඇතුළු ආණ්ඩුවේ වංචා දූෂණ ගණ­නා­වක් රටට හෙළි කරන්න කට­යුතු කළා. ඡායා කැබි­න­ට්ටුවේ ඇමැ­ති­වරු සොයා දෙන දත්ත තොර­තුරු රටට හෙළි කරන්න සමගි ජන බල­වේ­ගයේ දූෂණ විරෝධි බල­වේ­ගය කට­යුතු කර­නවා. ඒ වගේම ආණ්ඩුවේ වංචා දූෂණ පිළි­බඳ තොර­තුරු අපට දින­පතා ලැබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් පිය­වර ගන්න අපි කට­යුතු කර­නවා.

ඒ වගේම සජිත් ප්‍රේම­දාස මහතා, රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ දරු­වකු නොවන බව පොදු­ජන පෙර­මුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි ප්‍රකාශ කර තිබෙ­නවා. එය පහත් බාල ප්‍රකා­ශ­යක්. පොදු­ජන පෙර­මුණේ බංකො­ලො­ත්භා­වය තිස්ස කුට්ටි­ආ­ර­ච්චිගේ ප්‍රකා­ශ­යෙන් පැහැ­දි­ලියි. සජිත් ප්‍රේම­දාස මහතා රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ පුතා බව රටේ සිටින සිය­ලුම දෙනා දන්නා කාර­ණයක්. ඒ බව දන්නේ නැත්තේ තිස්ස කුට්ටි­ආ­රච්චි පම­ණයි. ඒ වගේම නාමල් රාජ­පක්ෂ මෙවැනි පහත් දේශ­පා­ල­ඥ­යන් ළඟ තියා­ගෙන සිටින්නේ ඇයි දැයි ප්‍රශ්න­යක්.

කුට්ටි­ආ­රච්චි වැනි පිරිස් සමඟ නාමල් රාජ­ප­ක්ෂට ජනා­ධි­පති වෙන්න කව­දා­වත් බැහැ. ඒ වගේම රටේ ජන­තාව අන්ත අස­ර­ණ­භා­ව­යට පත් කළ පවු­ල­කට බලය ලබා දෙන්න රටේ ජන­තාව සූදා­නම් නැහැ. ඒ වගේම නාමල්ට දේශ­පා­ලන අනා­ග­ත­යක් සකස් කර ගන්න අවශ්‍ය නම් බුද්ධි­මත් පිරි­සක් සමඟ වැඩ කට­යුතු සිදු කරන්න.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *