free web stats

මැති­ව­රණ නොප­ව­ත්වන්න රජය තීර­ණය කර නෑ

නීති­යට අනු­කූ­ලව පැවැ­ත්විය යුතු හා පැවැ­ත්විය හැකි මැති­ව­රණ සියල්ල පව­ත්වන බවත් කිසිදු මැති­ව­ර­ණ­යක් නොප­ව­ත්වන්න රජය තීර­ණය කර නොමැති බවත් අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) ප්‍රකාශ කළා.

ගතවූ වසර එක­හ­මාර තුළ වත්මන් ආණ්ඩුව මැති­ව­රණ දෙකක් පවත්වා ඇති බවත් වත්මන් ආණ්ඩුව මැති­ව­ර­ණ­ව­ලට බිය නොමැති බවත් අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළා.

මැති­ව­රණ ක්‍රියා­ව­ලිය සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලි­මේන්තු කාරක සභා නිර්දේ­ශය අනුව සහ අනෙ­කුත් කාරණා සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­කර මැති­ව­රණ පව­ත්වන බවද අග­මැ­ති­ව­රිය සඳ­හන් කළා.

අග­මැ­ති­ව­රිය මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින්.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග­මැ­ති­ව­රිය මෙසේද පැවසූවා,

එක් එක් පළාත් සභා­වල කාල වක­වානු විවිධ දින­ව­ලදී අව­සන් වී තිබෙ­නවා. පළාත් සභා ඡන්ද විම­සීම් පැවැ­ත්වීම සඳහා බලා­ත්මක වූ නීති­යක් නොමැති වීම තුළ මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් මැති­ව­රණ පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් නිවේ­දන නිකුත් කර නැහැ.

මේ දක්වා මැති­ව­රණ සීමා නීර්ණ කොට්ඨාස සම්බ­න්ධ­යෙන් අව­සන් ක්‍රියා­ව­ලි­ය­කට පැමිණ නොමැති නිසා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීමේ හැකි­යා­වක් නැහැ. මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරීම සඳහා සභා­ප­ති­ව­රයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. ඉහත කමි­ටුව විසින් පාර්ලි­මේ­න්තුව වෙත ලබා­දෙන වාර්තාව අනුව ඉදිරි කට­යුතු සිදු වනු ඇත.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීද, නැද්ද සහ ඔහුගේ ක්‍රම­වේද සම්බ­න්ධ­යෙන් රවී කරු­ණා­නා­යක මහ­තා­ටම නිග­ම­න­ය­කට එන්න පුළු­වන්. මෙහිදී ඒ සම්බ­න්ධ­යෙන් මගේ නිග­ම­නය වැද­ගත් නැහැ.

ඒ වගේම නීති­යට අනුව පැවැ­ත්විය යුතු සහ පැවැ­ත්විය හැකි මැති­ව­රණ සියල්ල පව­ත්ව­නවා. ඒ වගේම කිසිම මැති­ව­ර­ණ­යක් නොප­ව­ත්වන බවට රජය තීර­ණ­යක් ගෙන නැහැ.

ඡන්ද කල්දැමූ පක්ෂ­යක සාමා­ජි­ක­යෙක් මේ ප්‍රශ්නය මගෙන් අහන එක සුදුසු නැහැ. ගතවූ අවු­රුදු එක­හ­මාර තුළ අපි මැති­ව­රණ දෙකක් පවත්වා තිබෙ­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *