free web stats

අකුණක් වැදුණු ශ්‍රී ලන්කන් ගුවන් යානයට වෙච්ච දේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්සවා තිබෙනවා.

අකුණු සැර වැදීමක් හේතුවෙන් එම ගුවන් යානය මෙලෙස හදිසි ගොඩ බෑමක් සිදු කර ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පැවසූවා.

යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව සඳහන් වේ.

අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

සිද්ධියෙන් කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බවෙ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *