free web stats

ඩෙංගු රෝගීන් නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්

ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් 21 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් පස් දෙනෙකු පාසල් සිසුන් වන බවයි.

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාම හමුවේ ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි එම සතිය එළැඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *