සලේට දැන් ඖෂධ දෙනනේ මෙහෙමයි
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පෙෙර්දා (13) පෙරවරුවේ සිට ඖෂධ භාවිත කිරීමට පටන්ගෙන ඇතැයි රෝහල් හා පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ආහාර වර්ජනය කිරීම සහ සිරුරේ ඇති වූ සංකූලතා හේතුවෙන් සුරේෂ් සලේ පසුගිය 07 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පසුව ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරනු ලැබුවා.
එහිදී ඔහුට සේලයින් ලබාදී ඇති අතර දිගින් දිගටම ඔහු ආහාර සහ ඖෂධ ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ තත්ත්වය මත පෙරේදා (13) හෙදියක් විසින් සලේ මහතා ඖෂධ භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද දැඩිව දොස් නඟා ඔහුට ඖෂධ ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

