free web stats

ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

අමෙරිකා එක්සත් ජනපදයේ ඩලස් නුවර පැවති මෙම තරගය ආරම්භයේ සිටම දෙපාර්ශ්වයේම ආක්‍රමණශීලි පන්දු රටාව හමුවේ වේගවත් හා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

තරගයේ 12 වැනි මිනිත්තුවේදී නායක හැරී කේන් එංගලන්තයට පෙරමුණ ලබා දුන්නද, මාර්ටින් බතුරිනා 36 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් සම කිරීමේ ගෝලය වාර්තා කළා.

පළමු අර්ධයේ අතිරේක කාලයේදී පෙටාර් මුසා ලබාගත් ගෝලයත් සමඟ ක්‍රොඒෂියාව තරගයේ වාසිය අතට ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම ජූඩ් බෙලින්හැම් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් රැස් කරමින් ලකුණු තත්ත්වය 2-2ක් ලෙස සම කළා.

ඉන් අනතුරුව එංගලන්තය තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් අතර, මාර්කස් රැෂ්ෆර්ඩ්ගේ ගෝලයක් සහ කේන්ගේ දෙවැනි ගෝලයත් සමඟ ජයග්‍රහණය තහවුරු කළා.

මෙම තරගයේදී ගෝල දෙකක් වාර්තා කළ හැරී කේන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද නම් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *