free web stats

පාසල් නේවාසිකාගාර වලට කරන්න යන දේ

දිවයින පුරා පිහිටි පාසල් නේවාසිකාගාර පද්ධතිය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,008ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දිවයිනේ පාසල් පද්ධතිය තුළ දැනට පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් එහි නේවාසිකව සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ජීවන තත්ත්වයට ද දැඩි බාධා එල්ල වී ඇති බව රජය විසින් හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා දෙමින්, නේවාසිකාගාරවල සිටින දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් උදා කර දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ඒ අනුව අදාළ නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සහ අත්‍යවශ්‍ය පහසුකම් වසර 2ක් ඇතුළත කඩිනමින් නවීකරණය කිරීමට පියවර ගැනේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම සුවිශේෂී ව්‍යාපෘති යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *