මම කිසි දිනෙක ජනතාවට බොරු කියලා නෑ
අද ආණ්ඩුව උපාධිධාරීන් වින්දිතයන් බවට පත් කරගෙන ඇති බවත් මැතිවරණ සමයේ තමා මේ ගැන ඇත්ත කතා කළත් කවුරුත් පිළිගත්තේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවා.
තමා කිසි දිනක ජනතාව අන්දවා නැති බවත් සෙසු අය ජනාධිපතිවරණ සමයේදී ජනතාව රැවැට්ටූ බවත් ඔහු පැවසූවා. ඒ සංවර්ධන නිලධාරීන් සමඟ පෙරේදා (16) පැවැති සාකච්ඡාවකදීයි.
එහිදී වැඩ්දුරටත් පැවසූවේ ,
අප රටේ 15000ක් වූ සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නඟනවා. සාධාරණ යෝජනා ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා. නිදහස් අධ්‍යාපනය තුළ අධ්‍යාපනය හා උපාධිය ලැබූ මොවුන් යම් අවශ්‍යතා සපුරා ගන්න සේවා ව්‍යවස්ථා නිර්මාණය කරන්න පෙර බඳවා ගත් නමුත් තවමත් සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කර නැහැ. රාජ්‍ය සේවයේ ඇති උගතුන්, බුද්ධිමතුන් වන මොවුන්ට බඳවා ගැනීමේ විභාගයක්, සමාන වැටුප් තලයක්, උසස් වීම් ක්‍රමවේදයක් පවා නැහැ.
උපාධියට සරිලන තනතුරු නොමැති වීමත් උපාධියට වඩා අඩු සුදුසුකම් සහිත අය මේ උපාධිධාරීන්ගේ අධීක්ෂණය ආදි ගැටලු පවතිනවා.මේ අසාධාරණය වෙනුවෙන් උපරිමව පෙනී සිටිනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන් නාමය නරක යැයි කියා එය ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස වෙනස් කළා. බරපතළ ඛේදවාචකය වන්නේ ජනාධිපතිවරණ සමයේ මොවුන් ඇන්දවීමට කටයුතු කිරීමයි. එදා මැතිවරණ සමයේ මම ඇත්ත කතා කළත් එය පිළිගත්තේ නැහැ. අද මේ රජය මේ උපාධිධාරීන් වින්දිතයන් බවට පත් කරගෙන තිබෙනවා. මොවුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය අය පවා අද මේ උපාධිධාරීන් අමතක කළත් මේ අය වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරනවා.
වැඩිහිටි හා විශ්‍රාමික ප්‍රජාවගේ ඉතිරි කිරීම් ලක්ෂ 10 ට සහ 15 සඳහා 15% පොලිය දුන්නත් එයද අහිමි කළා. ගොවියාගේ බීජ පොහොරවලට සහන මිලක් සේම ස්ථාවර මිල ද ලබාදීම නතර කර තිබෙනවා. සෑම ගොවියෙක්ම අන්ත අසරණ වෙලා. බොරුවෙන් ජනතාව මුළා කරලා.
ධීවරයාට දෙනවා කියන සම්පත් හා සහන පවා කප්පාදු කරලා. බඩු මිල ඉහළ ගිය මොහොතේ අප්‍රේල් මාසයේ දින 30ක් ජීවත් වෙන්න 17000ක් ප්‍රමාණවත්යැයි කියනවා. දින 30ක් ජීවත් වෙන්න මේ 17000 ප්‍රමාණවත්දැයි නැවත වරක් සිතිය යුතුයි.

