ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධි චෝදනා
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.
ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88, ලක්ෂ 50000 ක වන්දියක් ගබා ගැනීමෙන් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමිනි.
2023 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට 2024 වසරේ මැයි 29 වැනිදා දක්වා කාලය තුළ අදාළ වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම ගොණු කළ අධිචෝදනා වල සඳහන් වේ.

