free web stats

ප්‍රංශයේ උණුසුමෙන් 18දෙනෙකු මරුට

යුරෝපයට බලපා ඇති අධික උණුසුම හමුවේ මෝ‍ටර් රථයක් තුළ සිට කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු ප්‍රංශයේ පුද්ගලයන් 18දෙනෙකු මියගොස් තිබෙනවා.

එහි පාසල් වසා දමා ඇති අතර පාසල් පැවැත්වෙන කාලසටහන් ද වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ කාලගුණ අනාවැකි පලකරන්නන් පවසන්නේ ඊයේ (22) දිනයේ දී වාර්තා වූ උෂ්ණත්වය ඓතිහාසික වාර්තා බිඳ හෙළා ඇති බවයි.

ප්‍රංශයේ වයින් නිෂ්පාදන කලාපයක් වන බොර්ඩෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පිහිටුවා තිබූ වාර්තාව අභිබවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

1947 වසරේ වාර්තා වී තිබූ ඉහළම උෂ්ණත්වය පරදවමින් ප්‍රංශයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පොයිටියර්ස්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.2ක් ලෙස සටහන් ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *