පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුයි
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පරිසරය රැක ගන්න ආණ්ඩුව නීති ගේනවා තමයි. ආණ්ඩුවට හිතවත් අයට නම් අද අක්කර ගණන් සුද්ද කරගන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක් වැසිකිළියක් හදන්න ගියොත් ආණ්ඩුවේ නීතිරීති ඔක්කෝම ක්‍රියාත්මකයි. ක්ලීන් ශ්‍රී ලංකා කියලා දෙයක් තිබෙනවා. ඒක නීතියට අනුකූල ද කියන එක තමයි ගැටලුව. ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කර නගර සභා, ප්‍රාදේශීය සභාවලට දඩ ගහන්න. ඩෙංගු දැන් හොඳටම වැඩියි. රෝහල්වල බෙහෙත් නැහැ. අපේ කාලයේ බෙහෙත් නැති වුණාම කෑ ගැහුවා. දැන් ඒ ගැන බලන්න. මිනිසුන්ගේ මේ ප්‍රශ්නවලට ආණ්ඩුව සංවේදීව ඇහුම්කන් දෙනවාද. පොහොර සහනාධාර දීගන්න බැරිව, වී මිලදී ගැනීමට නොහැකිව ආණ්ඩුව පිටරටින් හාල් ගේනවා. ගොවි ජනතාව මේවාට විරුද්ධව පාරට බැස්සාම ගොවියා කසිප්පුකාරයෙක්, හොරෙක් කියලා ආණ්ඩුව කියනවා.

