වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්
වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGC) අනුව, මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2ක ගැඹුරකින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.
මේ අනුව තත්පර කිහිපයක් ඇතුළත කැරකස් අගනුවර ප්‍රධාන භූමිකම්පා දෙකක් හට ගැනීමේන පසු වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
භූමිකම්පාවේ පළමුවැන්න රික්ටර් මාපකයේ 7.2 ක් සහ දෙවැන්න 7.5 ක් වූ බව වාර්තාවේ.
එහි බලපෑම කොලොම්බියාවට ද දැනී ඇති බව පැවසෙනවා.
භූ කම්පනයත් සමඟ කැරකස් හි ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, එහි ජනතාව එම ස්ථානවලින් ඉවත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මහල් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති අතර භූමිකම්පාවලින් ඇති වූ බරපතල හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දමා ඇත.

