free web stats

පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතුයි

පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ පවසනවා.

පරි­ස­රය රැක ගන්න ආණ්ඩුව නීති ගේනවා තමයි. ආණ්ඩු­වට හිත­වත් අයට නම් අද අක්කර ගණන් සුද්ද කරගන්න පුළු­වන්. හැබැයි ඉතින් සාමාන්‍ය මනු­ෂ්‍ය­යෙක් වැසි­කි­ළි­යක් හදන්න ගියොත් ආණ්ඩුවේ නීති­රීති ඔක්කෝම ක්‍රියා­ත්ම­කයි. ක්ලීන් ශ්‍රී ලංකා කියලා දෙයක් තිබෙ­නවා. ඒක නීති­යට අනු­කූල ද කියන එක තමයි ගැට­ලුව. ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියා­ත්මක කර නගර සභා, ප්‍රාදේ­ශීය සභා­ව­ලට දඩ ගහන්න. ඩෙංගු දැන් හොඳ­ටම වැඩියි. රෝහ­ල්වල බෙහෙත් නැහැ. අපේ කාලයේ බෙහෙත් නැති වුණාම කෑ ගැහුවා. දැන් ඒ ගැන බලන්න. මිනි­සුන්ගේ මේ ප්‍රශ්න­ව­ලට ආණ්ඩුව සංවේ­දීව ඇහු­ම්කන් දෙන­වාද. පොහොර සහ­නා­ධාර දීගන්න බැරිව, වී මිලදී ගැනී­මට නොහැ­කිව ආණ්ඩුව පිට­ර­ටින් හාල් ගේනවා. ගොවි ජන­තාව මේවාට විරු­ද්ධව පාරට බැස්සාම ගොවියා කසි­ප්පු­කා­ර­යෙක්, හොරෙක් කියලා ආණ්ඩුව කිය­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *