අද මේ රජය විරුද්ධවාදීන්ව දඩයම් කරනවා
විපක්ෂයෙන් කරන චෝදනා බොරුද, ඇත්තද කියලා පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ආණ්ඩුවට බලා ගන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.
කොලොන්නාවේදි පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසූවේ,
“ආණ්ඩුවටත් තමන්ගේ වැඩපිළිවෙළ සාර්ථකද, ජනතාව පිළිඅරන්ද නැද්ද කියලා තක්සේරුවක් හෙවත් ලිට්මස් පරික්ෂාවක් කර ගන්න පුළුවන් වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් තමයි.
විපක්ෂයටත් තමන්ගේ කාර්යභාරයන් හරියට කරනවාද කියලා තක්සේරුවක් ගන්න පුළුවන් වෙන්නෙත් එවිටයි.
අද මේ රජය විරුද්ධවාදීන්ව දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් කරගෙන යනවා.
කවුරු හරි රාජ්‍ය දේපළ කොල්ලකාලා තියෙනව නම්, පාතාල, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නව නම්, දඬුවම් ලැබෙන්න ඕනෑ..“

