free web stats

ඩෙංගු මැඬ පව­ත්වන්න යෝජනා කිහි­ප­යක්ම මට තියෙ­නවා

මේ වන විට ඩෙංගු රෝගීන් 57,000ක් හා මරණ 36ක් සිදුවී බස්නා­හිර පළාතේ රෝහ­ල්වල ධාරි­තාව පවා වැඩි වී ඇති බවත් මේ තත්ත්වය මැඬ­ප­ව­ත්වන්න යෝජනා කිහි­ප­යක්ම තමා සතුව ඇති බවත් විපක්ෂ සජිත් ප්‍රේම­දාස මහතා පව­සනවා.

විපක්ෂ නාය­ක­ව­රයා මෙසේ පැව­සුවේ කීට විද්‍යා සංග­මයේ සාමා­ජි­ක­යන් සමඟ ඩෙංගු උව­දුර සම්බ­න්ධ­යෙන් ඊයේ (06) පැවති සාක­ච්ඡා­ව­ක­දී.

එහිදී විපක්ෂ නාය­ක­ව­රයා මෙසේ ද පැවසූවා.

“පළමු යෝජ­නාව ලෙස කීට විද්‍යා ක්ෂේත්‍ර­යට අවශ්‍ය පහ­සු­කම් වැඩි කළ යුතුයි.

ක්ෂේත්‍රයේ කට­යුතු කිරී­මට අවශ්‍ය නෛතික පහ­සු­කම් ලබා දීම දෙවැනි යෝජ­නා­වයි. මේ කීට විද්‍යා නිල­ධා­රීන් සිය රාජ්‍ය කට­යුතු සිදු­කි­රී­මේදී නීති­මය පන­ත්ව­ලින් ලැබෙන සහ­යෝ­ගය අඩුයි. මේ නිසා අදාළ ක්ෂේත්‍ර පරී­ක්ෂණ කිරීම අප­හසු වී ඇති නිසා නෛතික බලය ලබා දීමට 2007 මදුරු මර්දන පනත 2026ට ගැළ­පෙන ලෙස සංශෝ­ධ­නය විය යුතුයි. ඩෙංගු මර්දන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය දත්ත මේ අය සැප­යු­වත් ප්‍රති­පත්ති සම්පා­ද­න­යට තීන්දු තීරණ ගන්න යොදා නොගන්නා නිසා මොවුන්ගේ සහ­යෝ­ගය ලබා ගන්නා ලෙස යෝජනා කර­නවා.

එසේම ඩෙංගු මර්දන රාජ­කාරි ක්‍රියා­ත්මක කිරී­මේදී ඉහ­ළින් සිදු­වන බල­පෑම් අවම කර දත්ත හා විද්‍යා­ත්මක කරුණු මත මේ කට­යුතු කළ යුතුයි.

කීට විද්‍යා නිල­ධා­රීන් සමඟ සැබෑ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න අව­ශ්‍යයි. ඇමැ­ති­ව­රයා මැදි­හත්වී මේ නිල­ධා­රීන් සමඟ සාකච්ඡා කරන ලෙසට යෝජනා කර­නවා. බොළද කාරණා කේන්ද්‍ර කර ගෙන සාකච්ඡා ප්‍රති­ක්ෂේප නොකර සැබැ ගැට­ලුව හඳු­නා­ගෙන මිනි­සුන් ගැන සිතා මේ ගැටලු සාකච්ඡා කළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *