free web stats

රුසි­යා­වෙන් යුක්රේන අග­නු­ව­රට ප්‍රහා­ර­යක්

සති­යක් ඇතු­ළත යුක්රේ­නයේ කීෆ් අග­නු­ව­රට රුසි­යා­වෙන් දෙවැනි වර­ටත් මහ පරි­මා­ණයේ බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි වාර්තා වෙනවා.

යුක්රේන අග­නු­වර ඉලක්ක කර­මින් රුසි­යානු හමු­දාව එල්ල කළ දැවැන්ත ප්‍රහා­ර­යට මිස­යිල 68ක් සහ ඩ්‍රෝන 351ක් ඇතු­ළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසි­යානු හමු­දා­වට සිය මිත්‍ර රට­ව­ලින් පේට්‍රි­යට් මිස­යිල ලැබෙ­න­තුරු යුක්රේ­නයේ නේවා­සික ගොඩ­නැ­ඟි­ලි­ව­ලට දිගින් දිග­ටම ප්‍රහාර එල්ල වනු ඇතැයි යුක්රේන ජනා­ධි­පති වොලි­දි­මිර් සෙලෙ­න්ස්කි ප්‍රකාශ කර තිබේ.

රුසි­යානු හමු­දාව විසින් එල්ල කරනු ලැබූ එම බැලැ­ස්ටික් මිස­යි­ල­ව­ලින් එක් මිස­යි­ල­යක් හෝ බිම හෙළී­මට යුක්රේන හමු­දාව අස­මත් වී ඇති අතර, ජනා­ධි­පති සෙලෙ­න්ස්කි වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ මිස­යිල නාශක පද්ධ­ති­වල පව­තින දැඩි හිඟය ඊට හේතු වී ඇති බවයි.

කීෆ් අග­නු­වර ආරක්ෂා කර­ගැ­නීම සඳහා ගුවන් ආර­ක්ෂණ පද්ධ­ති­යක් සැප­යීම සඳහා ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත නේටෝ සංවි­ධාන සමු­ළු­වේදී පිය­වර ගන්නා ලෙස ඔහු මිත්‍ර පාර්ශ්වික රට­ව­ලින් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *